ක්‍රිකට්

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්තය සමග පැවැති පන්දුවාර 20 තරගාවලියේදී සුපිරි දස්කම් පෑ කුසල් ජනිත් පෙරේරා ස්ථාන 26ක් ඉදිරියට පැමිණෙමින් පන්දුවාර 20 පිතිකරුවන් අතර 10 වැනි ස්ථානයට පත්ව තිබීම කැපී පෙනෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 675ක් සමගින්.

කුසල් නවසීලන්ත පන්දුවාර 20 තරගාවලියේදී ශතකයක් ද සමගින් ලකුණු 149ක් රැස්කර ගත්තේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.

කෙසේවෙතත් කුසල් ජනිත් පෙරේරාට නවසීලන්ත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ස්ථානයක් වෙන්ව නොතිබීමත් කැපී පෙනෙනවා.

ජගත් පන්දුවාර 20 පිතිකරුවන් අතර මුල් දස දෙනා අතර සිටින අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ පැතුම් නිස්සංකයි.

ඔහු ප්‍රසාද ලකුණු 707ක් සමග මෙහි 7 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර ටෙස්ට් පිතිකරුවන් අතර කමිඳු මෙන්ඩිස් 7 වැනි ස්ථානයෙත්,ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයෙත් පසුවනවා.

Team CNF

Recent Posts

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

11 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

12 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

13 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

14 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

16 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

17 hours ago