ශ්‍රී ලංකා

නීත්‍යානුකූල නොවන ලෙස සන්නිවේදන උපකරණ ගෙන්වන අයට වැඩ වරදින ලකුණු !

නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන අන්දමින් තවදුරටත් මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට අවස්ථාවක් නොමැති බව විදුලි සංදේශ නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරල් විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් බන්දුල හේරත් පවසනවා.

මින් ඉදිරියට අදාළ සන්නිවේදන උපකරණ ගෙන්වන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සදහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වනදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් සිදුනොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා සඳහන් කරනවා.

නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගෙන විවිධ අපහසුතා හා අවහිරතාවලට මුහුණ දීමට රටේ ජනතාවට සිදුව තිබෙනවා. එම උපකරණ රටේ පාරිභෝගිකයින්ට විකිණීම වැළැක්වීම අප ආයතනයේ ප්‍රධාන වගකීමක් වෙනවා. මේ සඳහා අප ආයතනය ස්වයංක්‍රීය පද්ධතියක් මේ මස අවසානයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ජනතාව දැනුවත් කර අවසානයේ දී රට තුළට නීතියානුකූල නොවන ආකාරයට ජංගම දුරකථන ගෙන ඒම වැළැක්වීමයි. මේ ක්‍රමවේදය තුළ දැනට භාවිත කරන කිසිදු ජංගම දුරකථනයක් අවහිර නොවන අතර විදේශිකයින්ට ජංගම දුරකථන භාවිතයට අවහිරයක් නෑ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago