ක්‍රීඩා

මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි !

නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දි ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, ඔහු අවසන් වරට 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති පසුබිමකයි.

38 හැවිරිදි ඔහු ජාත්‍යන්තර පිටියට සමු දුන්න ද ඉදිරියටත් ෆ්‍රැන්චයිස් T20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

ගප්ටිල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 47 ක්, එක්දින තරග 198 ක් හා විස්සයි 20 තරග 122 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් ලකුණු 2,586, 7,346 හා 3,531 රැස් කළා.

2009 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ගප්ටිල් 2015 හා 2019 ලෝක කුසලාන තරගාවලියන්හීදී නවසීලන්තයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ද කටයුතු කළා.

2015 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ ලකුණු 237 එක්දින ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි පන්දුවාරයේ අවසන් පන්දුවට මුහුණ දීමට සිදු වූ ඔහුට ජයග්‍රහනය සදහා එම පන්දුවට අවශ්‍ය වූ ලකුණු දෙක රැස් කිරීමට නොහැකි වුණේ නවසීලන්තයට පිට පිට දෙවැනි වරටත් අනුශූරතාවය හිමි කර දෙමින්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago