පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල වීමේ හැකියාවක් පවතින බවයි.
පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී දුටු දෙයක් තමයි මෙරට උපත් සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුවීම. 2013 දී උපත් 350,000 ක්. 2024 දී 228,000 ට අඩු වෙලා. ඒ ළමයින්ගෙනුත් යම්කිසි ප්‍රමාණයක් රෝග නිසා රෝහල්ගත වෙනවා. අවුරුදු 20 කට කලින් අපි නොදුටු තත්ත්වයක් දැන් උදාවෙලා… ළමා දියවැඩියාව වාර්තාවීම වැඩි වෙලා. ළමා පිළිකා තත්ත්වයන් වාර්තාවීම වැඩිවෙලා. මානසික රෝගවලත් වැඩිවීමක් අපි දකිනවා. මේ වගේ දරුවෝ රෝගී වෙනවා නම් අනාගතය සුබදායක වෙන එකක් නැහැ. අපි හැමෝම මේ ගැන කල්පනාකාරී වුණේ නැත්නම් අපි හැමෝම අමාරු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…