විදේශ

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව විසඳීම සඳහා ඉන්දියාවේ කේරළ පොලිසිය විසින් කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) යොදා ගත් පුවතක් වාර්තා වෙනවා.

වාර්තාවලට අනුව, 2006 දී මෙම කාන්තාව සහ ඇයගේ නිවුන් දරුවන් ඝාතනය කරන ලද අතර, පොලිසිය හැකි විගසින් ක්‍රියාත්මක වී ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුවන හිටපු හමුදා නිලධාරීන් වූ දිවිල් කුමාර් සහ රාජේෂ් යන අය හඳුනාගෙන ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පසුව මෙම සැකකරුවන් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සොයා ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

ඒ අනුව, වසර 19කට පසු සැකකරුවන් දෙදෙනා පුදුචෙරිහිදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා විෂ්ණු සහ ප්‍රවීන් කුමාර් ලෙස ව්‍යාජ අනන්‍යතාවයක් යටතේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිට තිබෙනවා.

ඔවුන් දෙදෙනාම පුදුචෙරිහි පිහිටි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු සමගයි විවාහ වී ඇත්තේ.

කේරළ අතිරේක පොලිස් අධිකාරී මනෝජ් ඒබ්‍රහම් මාධ්‍යයට පවසා ඇත්තේ, විමර්ශන කණ්ඩායම දිවිල් කුමාර් සහ රාජේෂ්ගේ පැරණි ඡායාරූප හඳුනා ගැනීමට කෘතිම බුද්ධි තාක්‍ෂණය භාවිත කළ බවයි.

ඔවුන් වසර 19 කට පසු කෙබඳුවනු ඇත්ද යන්න පිළිබඳ විමසීමේ දී සමාජ මාධ්‍ය හරහා මුහුණු හඳුනාගැනීමේ මෙවලම් ක්‍රියාත්මක කිරීමෙන් පසු, මංගල ඡායාරූප සහිත ෆේස්බුක් ගිණුමක් මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට 90%ක් ගැළපී තිබෙනවා.

එම සමාජ මාධ්‍ය ගිණුම මේ වනවිට ප්‍රවීන් කුමාර් ලෙස ජීවත් වන රාජේෂ්ගේ ගිණුම බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුව ඔහුගේ සම්බන්ධතා පිළිබඳ විමර්ශනයකින් අනතුරුව විෂ්ණු යන නව නාමය යටතේ ජීවත් වූ දිවිල් ද සොයා ගෙන තිබෙනවා.

එම තොරතුරු වලට අනුව පසුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

Yumal Kasun

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

7 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

14 hours ago