ක්‍රීඩා

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට පත් කළේය.

ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත.

ඔස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඔහු සිය දෙවන දරුවාගේ උපත වෙනුවෙන් පීතෘ නිවාඩු මත ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි.

කෙසේ නමුත් මෙම සංචිතයට නව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කැඳවා තිබීම විශේෂත්වයක්ය.

ඉන් කූපර් කොනොලි මේ දක්වා කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩාකර නොමැත.

එමෙන්ම නේතන් මැක්ස්වීනි, සෑම් කොන්ස්ටාස් , මැට් කුහ්නමන් සහ බියු වෙබ්ස්ටර් තිදෙනාම මේ දක්වා ටෙස්ට් තරග 3කට වඩා ක්‍රීඩාකර නොමැත‍.

අයි. සී. සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියේ පළමු තරගය මේ මස 29වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවන හා අවසන් තරගය පෙබරවාරි 6වනදා ආරම්භ වන අතර, එම තරගය ද ගාල්ලේ දීම පැවැත්වේ.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතය

  • ස්ටීවන් ස්මිත්,
  • ෂෝන් ඇබට්,
  • ස්කොට් බෝලන්ඩ්,
  • ඇලෙක්ස් කේරි,
  • කූපර් කොනොලි,
  • ට්‍රැවිස් හෙඩ්,
  • ජොෂ් ඉන්ග්ලිස්,
  • උස්මාන් කවාජා,
  • සෑම් කොන්ස්ටාස්,
  • මැට් කුහ්නමන්,
  • මාන්ස් ලැබුෂේන්,
  • නේතන් ලියොන්,
  • නේතන් මැක්ස්වීනි,
  • ටොඩ් මර්ෆි,
  • මිචෙල් ස්ටාර්ක්,
  • බියු වෙබ්ස්ටර්
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

14 hours ago