විදේශ

ලැව්ගිනි අතරේ අමෙරිකාවට භූමි කම්පාවකුත් !

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූමිකම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුර ඔවුන්ට මෙම භූමිකම්පාවට මුහුණදීමට සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූමිකම්පාව ඇතිව ඇති බවයි.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූකම්පන තත්ත්වය ඇතිව ඇත.

එය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී තිබෙනවා.

කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ බටහිරින් වාර්තා වී ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) වාර්තා කරන්නේ, භූකම්පනය ප්‍රදේශයේ 5,000කට අධික පිරිසකට දැනී ඇති බවයි.

කෙසේ නමුත් මෙම භූමිකම්පාවෙන් සිදු වූ ජීවත හානි හෝ වෙනත් අලාභහානි කිසිවක් වාර්තා වී නොමැත.

Team CNF

Recent Posts

ගිනිඅවි යළි බාරදීමට ලබාදුන් කාලය ගැන තීරණයක් !

පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ…

15 minutes ago

ධනංජය ද සිල්වාගේ සහෝදරයා අත්අඩංගුවට !

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු…

4 hours ago

මත්පැන්, දුම්වැටි සහ බියර් මිල ඉහළ ගියේ මෙහෙමයි !

මත්පැන් සඳහා වන සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව…

5 hours ago

බදුල්ල – පස්සර බස් රථ අනතුරක් – 13ක් රෝහලේ !

බදුල්ල - පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑවුම්…

6 hours ago

ධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක් !

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.…

8 hours ago

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි – අද කාලගුණය මෙන්න !

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

9 hours ago