දේශපාලන

විශේෂඥ වෛද්‍යවරුන් 18කගේ වෛද්‍ය වාර්තාව පුස්සක් – බන්ධනාගා​ර රෝහලෙන් පිටමං කළ දුමින්ද සිල්වා, පැය කිහිපයකි​න් ජාතික රෝහලට!

විශේෂඥ වෛද්‍යවරුන් 18 යුත් කණ්ඩායමක් විසින් ලබා දෙන ලද අංගසම්පූර්ණ වාර්තාවක නිර්දේශ පසෙකට දමා ආර්. දුමින්ද සිල්වා ජාතික රෝහලට ඇතුලත් කිරීම පිළිබඳව දැඩි මහජන අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ වැරදිකරුවෙකු ලෙස අධිකරණය අවස්ථා ගණනාවකදී මරණීය දණ්ඩනය නියම කර සිටින දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ රෝහලට ඇතුලත් කර සිටියේය.

එසේ රෝහල් ගත කිරීමට තරම් වෛද්‍ය විද්‍යාත්මක හේතු තිබේදැයි විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකු විසින් පරීක්ෂා කර බලා එවැනි අවශ්‍යතාවයක් නොමැති බව නිර්දේශ කර තිබිණි.

බන්ධනාගාරයේදී අසනීප වූ දුමින්ද සිල්වා ජාතික රෝහලට

ඒ අනුව බන්ධනාගාර රෝහලෙන් සිර මැදිරිය වෙත මාරු කර යවා පැය කිහිපයක් ඇතුලත නැවත ඔහු​ව ජාතික රෝහලට හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ජනවාරි 11 වැනි දා තහවුරු කළේ ය.

ආචාර ධර්ම සලකා රෝගියාගේ වැඩිදුර විස්තර ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

බන්ධනාගාර රෝහලින් සාමාන්‍ය වට්ටුවකට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදරකරු වී මරණ දඬුවම හිමිව සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලින් සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායන ජනවාරි 10 වැනි දා නිවේදනය කළේය.

එම නිවේදනයේ සඳහන් පරිදි දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබා දී තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මතයි.

කෙසේ වෙතත්, අදාළ සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් ඔහුට බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසනු ලැබ තිබිණි.

ඒ අනුව 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබා දුන් නිර්දේශ අනුව ඔහුව සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කළ බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

එම කමිටුව දෙන ලද නිර්දේශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට (ජනවාරි 10 වැනි දා) ලැබී ඇති අතර එහි සඳහන් පරිදි අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක රෝහල්ගත කර සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සදහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවත් අදාළ නිර්දේශයේහි දක්වා තිබිණි.

අදාළ නිර්දේශ අනුව ආර්. දුමින්ද සිල්වා යන අය බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බවත් අදාළ සිරකරුගේ හදිසි සංකූලතාවයකදි ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් වැලිකඩ අධිකාරිවරයාට උපදෙස් ලබා දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සිරගත කර සිටින දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිම සම්බන්ධව මෙන් ම ඔහුගේ තත්ත්වය පිළිබඳව විමසීමට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි. බී. දිසානායක දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක දී උත්සාහ කළ ද ඔවුන් දෙදෙනාම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ගෝඨාභය දුන් සමාව අධිකරණය ආපසු හරවයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමාවක් ලබාදී නිවාස අධිකාරියේ සභාපති ලෙසින් පත් කිරිමෙන් පසුව වැඩ බාර ගැනීමට පැමිණි අවස්ථාව.

2011 වසරේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2021 වසරේදී ජනාධිපති පොදු සමාව යටතේ දුමින්ද සිල්වා නිදහස් කළ ද ඊට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පෙත්සමක් ගොනු කරන ලදී.

එම පෙත්සමේ තීන්දුවේ ප්‍රකාශයට පත් කරමින් 2024 ජනවාරි 17 වැනි දා දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කර නිදහස් කිරිමේ දී හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව බල ශුන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී.

Ceylon News Factory

Recent Posts

කප්පම් ඉල්ලමි​න් දවුලගලදී පාසල් සිසුවියක් පැහැර ගනී (VIDEO)

උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගී වී පැමිණෙමින් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක් කප්පම් ලබා ගැනීමේ…

19 minutes ago

ආන්දෝලනාත්මක නඩු ප්‍රමාද​යි – අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්නට එරෙහිව ආණ්ඩුවෙ​න් දෝශාභියෝගයක්?

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ රජය සූදානමින්…

7 hours ago

ගිනිඅවි යළි බාරදීමට ලබාදුන් කාලය ගැන තීරණයක් !

පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ…

1 day ago

ධනංජය ද සිල්වාගේ සහෝදරයා අත්අඩංගුවට !

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වා හෙවත් සංගු…

1 day ago

මත්පැන්, දුම්වැටි සහ බියර් මිල ඉහළ ගියේ මෙහෙමයි !

මත්පැන් සඳහා වන සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව…

1 day ago

බදුල්ල – පස්සර බස් රථ අනතුරක් – 13ක් රෝහලේ !

බදුල්ල - පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑවුම්…

1 day ago