සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතය.

එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදුකරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.

එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වේ.

Ceylon News Factory

Recent Posts

රජයේ ගුරුවරුන්ට සුබ පණිවිඩයක් !

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට…

3 hours ago

ඖෂධ ආනයන චෝදනාවක් ගැන විමර්ශනයක් !

අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක්…

3 hours ago

මහනුවර දවුලගල දී පැහැරගත් සිසුවිය හමුවෙයි – පැහැරගැනීම කළ පුද්ගලයාත් අත් අඩංගුවට (VIDEO)

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවිය සිසුවිය පැහැර ගැනීම සිදුකළ…

11 hours ago

IMF වැඩපිළිවෙළ විවේචනය කර පේරාදෙණිය සරසවිය සංවිධානය කළ දේශනයක් අගමැතිනිය තහනම් කළා ද? – උපකුලපතිගෙන් පැහැදිලි කිරීමක් !

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?  යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය…

13 hours ago

ඉන්ධන බදු සම්බන්ධයෙන් රජය ගත් තීරණය මෙන්න !

ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ…

13 hours ago

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (12)…

14 hours ago