ශ්‍රී ලංකා

මහනුවර දවුලගල දී පැහැරගත් සිසුවිය හමුවෙයි – පැහැරගැනීම කළ පුද්ගලයාත් අත් අඩංගුවට (VIDEO)

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවිය සිසුවිය පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා අම්පාර බස්නැවතුම් පොළේ බස්රථයක සිටිය දී සොයාගෙන තිබේ.

අද (13) උදෑසන අම්පාර සිට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ සුඛෝපභෝගී බස් රථයක නැඟ සිටිය දී මේ දෙදෙනා සොයාගත් බවත් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන සිසුවියගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇති බවත් පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ 19 හැවිරිදි දියණිය පාසල් නිල ඇඳුමින් සැරසී උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා (11) පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකරන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින තරුණයා මුලින්ම රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් දැරියගේ පියාගෙන් ඉල්ලුවේය. පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර කළේය. අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු ලක්ෂ 02 ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී තිබිණි. එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50000 ක මුදලක් අදාළ ගිණුමට බැර කළේය.

පැහැර ගැනීම සිදුකර තිබුණේ සිසුවියගේ මස්සිනාය. එම අවස්ථාවේ එක් තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබා කරන සටන සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි. වෑන් රථයේ එල්ලී මීටර් 500 ක පමණ දුරක් ගමන් කළ පසු ඔහුව වෑන් රථයෙන් තල්ලු තරුණිය පැහැරගත් කණ්ඩායම ඇයව රැගෙන ගොස් තිබිණි.

පාසල් සිසුවිය පැහැරගත් වාහනය පසුව පොලොන්නරුවේ තිබී පෙරේදා (11) හමුවුනේය. එය කුලි පදනම මත ගත් වාහනයකි. එහෙත් සිසුවිය සහ ඇය පැහැරගත් පුද්ගලයා ගැන කිසිම තොරතුරක් ඊයේ දිනය තුළ සොයාගැනීමට නොහැකි විය.

මෙම සිසුවියගේ දෙමව්පියන් දියණිය සම්බන්ධව මෙම තරුණයාට විවාහ පොරොන්දු ලබා දී පසුව එය කඩකර තිබුණු බව විමර්ශනවලදී හෙළි විය.

අදාල සැකකරු සහ පැහැරගැනීමට ලක් වූ තරුණිය සොයා ගැනීමත් සමග විමර්ශන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන බව විමර්ශන අංශ කියයි.

Ceylon News Factory

Recent Posts

අනුර චීනයට!

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව…

5 hours ago

IMF වැඩපිළිවෙළ විවේචනය කර පේරාදෙණිය සරසවිය සංවිධානය කළ දේශනයක් අගමැතිනිය තහනම් කළා ද? – උපකුලපතිගෙන් පැහැදිලි කිරීමක් !

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?  යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය…

8 hours ago

ඉන්ධන බදු සම්බන්ධයෙන් රජය ගත් තීරණය මෙන්න !

ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ…

8 hours ago

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (12)…

9 hours ago

ගඩාෆි අත්අඩංගුවට (VIDEO)

2010 වසරේදී බන්ධනාගාර බස් රථයක ඇතුළත තහඩුව ඉවත්කර පලාගිය උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆි නමැති සැකකරු…

21 hours ago

කප්පම් ඉල්ලමි​න් දවුලගලදී පාසල් සිසුවියක් පැහැර ගනී (VIDEO)

උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගී වී පැමිණෙමින් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක් කප්පම් ලබා ගැනීමේ…

1 day ago