ශ්‍රී ලංකා

රජයේ ගුරුවරුන්ට සුබ පණිවිඩයක් !

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවය.

“අපි පළමු අයවැය ලබන මාසයේ ඉදිරිපත් කරනවා ඒ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩීමක් සිදුවෙනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. ඒ වගේම ගොඩක් අය අහනවා තුනෙන්දෙක ගැන, ගුරු වැටුප් විශමතාවය ගැන, ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප් විශමතාවය විසඳන්න ඕනේ. ඒ වගේම ඉහළම වැටුප් තල 10 ඇතුළට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන සේවාන් 05 අන්තර්ගතයි. ඒ නිසා මේ සේවාන් 05 ගුණාත්මක භාවය වැඩිකරන්න ඕනේ කියන සාකච්ඡාව දැන් සිදුකරමින් තියෙනවා. ඒ ඔස්සේ මේ සේවාවන්වල ගුණාත්මක භාවය වැඩිකරන්න කොහොමද කටයුතු කරන්නේ ඒ අනුව කොහොමද වැටුප් තල වල පිහිටුවන්නේ කියන සාකච්ඡාව සිදුකරමින් තිබෙනවා.”

Team CNF

Recent Posts

බන්ධනාගාර රෝහලේ අල්ලස් ගන්න වෛද්‍යවරයෙක් ගැන විමර්ෂණයක් ඉල්ලයි!

බන්ධනාගාර රෝහලේ පරිපාලන කටයුතු භාර ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයද ඇතුළුව පාර්ශ්ව රැසකින්…

1 hour ago

දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළට!

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය…

2 hours ago

ඩේටා පැකේජ්වල ගණන් වැඩි කරලා ද? – විදුලි සංදේශ කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක් !

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට…

5 hours ago

නව ආණ්ඩුවේ පළ​මු අයවැය – ජනපතිගේ වියදම් අඩකින් කප්පාදු කරයි!

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වන…

6 hours ago

කොළඹ වාහන නැවතුම් පාලනය කරන සමාගම් 26ක් කෝටි 27ක පොලු තියලා – අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි!

කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර…

6 hours ago

වැඩ බලන අමාත්‍යවරු 05ක් පත්කෙරේ!

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ…

16 hours ago