ශ්‍රී ලංකා

IMF වැඩපිළිවෙළ විවේචනය කර පේරාදෙණිය සරසවිය සංවිධානය කළ දේශනයක් අගමැතිනිය තහනම් කළා ද? – උපකුලපතිගෙන් පැහැදිලි කිරීමක් !

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කප්පාදු වැඩපිළිවෙල පරාජය කරන්නේ කෙසේද?  යන මැයෙන් පැවැත්වීමට නියමිත වූ දේශනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති විසින් අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් මත තහනම් කළේ යැයි කියැවෙන ප්‍රකාශ මුලුමනින්ම අසත්‍ය බවත්, නිසි අවසරයකින් තොරව, විශ්වවිද්‍යාලය තුළ ලියාපදිංචි නොවූ ශිෂය සංගමයක් විසින් ප්‍රසිද්ධ රැස්වීමක් ලෙස සංවිධානය කළ රැස්වීමට නිසි ක්‍රමවේදය යටතේ අවසර ලබාගෙන පවත්වන ලෙස නිර්දේශ කිරීම පමණක් සිදුකළ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසනවා.

ඔහු පවසන්නේ සටන් පාඨයක් බඳු තේමාවක් සහිතව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ මෙම වැඩසටහන එය දේශනයක්, සාකච්ඡාවක්, සම්මන්ත්‍රණයක්, වැඩමුළුවක් හෝ අධ්‍යයන ක්‍රියාකාරකමක් ලෙස නොව මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රසිද්ධ රැස්විමක් ලෙස අනීතිකව සංවිධානය කර තිබුනු ආකාරයයි.

දේශපාලන විද්‍යා අංශයේ සහ ශාස්ත්‍රපීඨයේ පීඨාධිපතිවරුන් සමග සාකච්ඡා කර මෙහි තේමාව සටන් පාඨයක් ලෙස ප්‍රකාශ නොවන ආකාරයට සංශෝධනය කර විධිමත් අවසරයක් ලබාගෙන පවත්වන ලෙස පමණක් සංවිධාකයින්ට දැන්වූ යේ යැයි උපකුලපතිවරයා ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තුව තුළ චෝදනාවට ලක්වූ මෙම සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරිමක් කරමින් උපකුලපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ විශ්වවිද්‍යාලයට පරිභාහිර ජාත්‍යන්තර දේශපාලන සංවිධානයක් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සමාජයක මැදිහත්වීම මගින් යැයි සදහන් කර තිබුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ කිසියම් ශිෂ්‍ය ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමට ප්‍රථම විශ්වවිද්‍යාල ප්‍රධාන විනය ආරක්ෂක, විනය පාලක සහ අනෙකුත් අදාළ නිලධාරීන් හරහා උපකුලපති හෝ නියෝජ්‍ය උපකුලපති වෙතින් පූර්ව අවසරය ලබා ගත යුතු වේ. මෙම ප්‍රසිද්ධ රැස්වීම සඳහා කිසිදු පූර්ව අවසරයක් ලබාගෙන නොමැති බව පැහැදිලිව නිරීක්ෂණය වූ අතර පසුව සිදු කරන ලද සොයා බැලීම් වලට අනුව මෙම ශිෂ්‍ය සමාජය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කර නොමැති බවත් පසුගිය වසර දහය තුළ කිසිදු ක්‍රියාකාරකමක් කළ බවට වාර්තා කර නොමැති බවත් තහවුරු විය.

සටන් පාඨ ආකාරයේ මාතෘකාව විවිධ අදහස් දරන ශිෂ්‍ය කණ්ඩායම් සහ සහභාගිවන්නන් අතර ගැටුම් ඇති කිරීමට හේතු විය හැකි බව ද නිරීක්ෂණය විය. එවන් ගැටුම් වළක්වා ගැනීම සඳහා එම අවස්ථාවේ වැඩබලන උපකුලපති ලෙස කටයුතු කළ නියෝජ්‍ය උපකුලපතිවරයා දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපති හා ශාස්ත්‍ර පීඨ පීඨාධිපති සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව රැස්වීමේ මාතෘකාව මඳක් වෙනස් කර නිසි අවසර ලබා ගැනීමෙන් අනතුරුව එය පැවැත්වීමට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇත.

තවද මෙම සංගම් මගින් මීට පෙරද අත්පත්‍රිකා හා වෙනත් ද්‍රව්‍ය බෙදා හරිමින් විශ්වවිද්‍යාලයේ අවසරයකින් තොරව අනවසර රැස්වීම් පිඨය තුළ සංවිධානය කරමින් පිඨයේ දෛනික අධ්‍යාපනික කටයුතු කඩාකප්පල් කිරීමට උත්සහ කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අධ්‍යයන නිදහස ආරක්ෂා කිරීමටත් විවේචනාත්මක විමර්ශනය හා බුද්ධිමය මැදිහත්වීමේ සංස්කෘතියක් වර්ධනය කිරීමටත් කැපවී සිටියි. බොහෝ ශිෂ්‍ය සංගම් සහ අධ්‍යයන කාර්යමණ්ඩලය නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සෑම සතියකම පාහේ සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු සහ විවාද සංවිධානය කරයි. එමඟින් විශ්වවිද්‍යාලය තුළ නිදහස් ආරක්ෂාකාරි, බුද්ධිමය උත්තේජක පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම පිළිබිඹු කරයි.

විශ්ව විද්‍යාලය විවිධ දර්ශනවාදී සහ නිර්මාණාත්මක සාකච්ඡා දිරිමත් කරන අතරම විශ්වවිද්‍යාලයෙහි පවත්වනු ලබන සියලුම ක්‍රියාකාරකම් එහි නීතිමය, සදාචාරාත්මක සහ ආයතනික රාමුව තුළ ක්‍රියාත්මක කරයි. විශ්වවිද්‍යාලය පුද්ගල හා කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් විධිමත් ලෙස සිදු කිරීම දිරිගන්වන අතර එමඟින් ආයතනික වටිනාකම් සහ කීර්ති නාමය ආරක්ෂා වන බව සහතික කරයි.

නිසි අවසරය ලබාගෙන ඕනෑම විවේචනාත්මක, විමර්ෂණාත්මක ශ්‍රාස්ත්‍රීය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ඕනෑම ලියාපදිංචි ශිෂ්‍ය සංවිධානයකට, සංගමයකට හෝ සමාජයකට අවස්ථාව විශ්වවිද්‍යාලය තුළ විවර කර ඇත

Team CNF

Recent Posts

අනුර චීනයට!

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව…

5 hours ago

මහනුවර දවුලගල දී පැහැරගත් සිසුවිය හමුවෙයි – පැහැරගැනීම කළ පුද්ගලයාත් අත් අඩංගුවට (VIDEO)

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගිය පාසල් සිසුවිය සිසුවිය පැහැර ගැනීම සිදුකළ…

6 hours ago

ඉන්ධන බදු සම්බන්ධයෙන් රජය ගත් තීරණය මෙන්න !

ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ…

8 hours ago

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඊයේ (12)…

9 hours ago

ගඩාෆි අත්අඩංගුවට (VIDEO)

2010 වසරේදී බන්ධනාගාර බස් රථයක ඇතුළත තහඩුව ඉවත්කර පලාගිය උපේක චන්ද්‍රගුප්ත හෙවත් ගඩාෆි නමැති සැකකරු…

21 hours ago

කප්පම් ඉල්ලමි​න් දවුලගලදී පාසල් සිසුවියක් පැහැර ගනී (VIDEO)

උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගී වී පැමිණෙමින් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක් කප්පම් ලබා ගැනීමේ…

1 day ago