ශ්‍රී ලංකා

අම්පාරේ පුද්ගලයින් 100ක් නිවාසවලින් ඉවත් කෙරේ !

අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පුද්ගලයින්100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා සිටින බවයි.

ඇද හැලෙන අධික වැසි සමග ගල්ඔයේ ඛාදනවී ඇති ඉවුරු බිඳී ජලය පිටාර ගැලීමේ අවධානමක් පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද ඇතිවිය හැකි බවත් කොට වෙහෙර ප්‍රදේශයෙන් ගල්ඔයේ ඉවුරු යළිත් ඛාදනයට ලක්ව ඇති බවයි.

ඒ හේතුවෙන් වගා ජලය ගෙනයන ඉපිල් ඇලේ කොටසකට දැඩි හානි සිදුව තිබෙනවා.

ගල්ඔයට සමාන්තර මාර්ගයේ කොටසක්ද ඉවරු ඛාදනය හේතුවෙන් විනාශ වී තිබෙන බවයි පැවසෙන්නේ.

ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් තම වගාවන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ ,

”ඉස්සර වතුර ගලාගෙන යනකොට කවදාවත් අපේ ඉඩම්වලින් හෝදගෙන ගියේ නෑ නේ.හැරිල්ලේ විනාසෙන් තමා මේ ගඟ මෙච්චර විනාසේ. දරාගන්න බෑ ඇත්තවශයෙන්ම.අපි කුඹුරු කරලා තියෙන්නේ පල්ලෙහා ඒවා දැන් පීදෙනවා. අපිට පිළිසරණක් නෑ කාගෙවත්. ++ එක පැයකට ඉඟිණියාවේ ස්පීල් එක ඇරියා නම් මේක යනවා බලන් ඉද්දි දිඩි බිඩි ගාලා වැටෙනවා. මේක විසඳලා දෙන්න කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.”

” කලින් අඩි ගාණක් උඩින් ගියපු ගඟ දැන් අඩි විස්සට වැඩිය ගැඹුරයි. බැගෑපත්ව කියනවා ගඟ කෙලින් කරලා දෙන්න”

අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙම ස්ථානය නිරීක්‍ෂණය කිරීමට පැමිණ සිටියා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා අද (14) මාධ්‍ය හමුවක් කැඳවු අතර එහිදී අදහස් දැක්වමින් පවසා සිටියේ,

”ඇද හැලෙන වර්ෂාව නිසා තමයි ගල්ඔය ගඟේ ජල මට්ටම වැඩිවෙලා තියෙන්නේ’ ඒ වගේම තමයි ගල් ඔය වගේ තියෙන ඉවර කාදනය සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකය ඒ වගේම අම්පාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු කණ්ඩායමත් ඒ වගේම ආපදා කළමනාකරන නිලධාරීන් අපි ගිහිල්ල බැලුවා එතන. ගංගාව ඛාදනය වෙච්ච ආකාරය බැලුවහම ඒක අපිට වැලි කොට්ට ගහලා ඒක තාවකාලිකව නතර කර ගැනීමේ හැකියාවක් නෑ. මොකද ඒ තරම් විශාල ප්‍රමාණයක් ගගේ ඉවුර ඛාදනය වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙදි අපිට එක විකල්පයක් හැටියට අපි දකින්නේ ගඟේ අනිත් පැත්තේ එකතුවෙලා තියෙන වැලි නිදි යම් ආකාරයකට කැපා හැරීමක් කරලා ගඟේ වතුර පාර ඉවුරේ වදින එක නතර කරගත්තොත් අපිට යම් මට්ටමකට ගංගාව මේ බන්ට් එකෙන් කැඩීම නතර කරගන්න පුළුවන් වෙයි කියලා අපි උපකල්පනය කරනවා. කෙසේ වෙතත් අපි සියලූ දෙනා ප්‍රාදේශීය ලේකම් ඇතුළු කණ්ඩායම් මේ වෙලාවේ සූදානමින් ඉන්නවා යම් ආකාරයකින් ගඟේ ඉවුර කඩාගෙන ගියොත් සේනානායකපුර සාමපුර කියන වසංදෙකේ ඒ වගේම සුදු ඇල්ල ප්‍රදේශයේ පවුල්වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම්තුමාට අම්පාරේ උපදෙස් දීලා තියෙනවා ගෙවල් වල ඉන්න වයෝවෘද්ධ ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත ආබාධිතව අයව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානවලට ඒ අයව යොමු කරගන්න කියලා ඒ වගේම අපි සියලු දෙනා සූදානමින් ඉන්නවා”

Team CNF

Recent Posts

ජනපති අනුර චීන ජනපති හමුව අද !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්…

21 minutes ago

කොළඹට පැය 12ක ජල කප්පාදුවක් – ජලය නොමැතිවන ප්‍රදේශ මෙන්න !

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…

35 minutes ago

දොඩංගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් !

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසනවා.…

53 minutes ago

ජනපතිගේ චීන සංචාරය: ලෝක බලවතුන්​ගේ ඇස ශ්‍රී ලංකාව දෙසට!

චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 වන…

16 hours ago

ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ පදවියක් එල්ලූ පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට !

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන්…

16 hours ago

ලාංකිකයෙකු අධ්‍යක්ෂණය කරන ඉන්දියානු චිත්‍රපටයක් – ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ (Tentigo) කොලිවුඩය​ට ප්‍රතිනිර්මාණය වෙ​යි (VIDEO)

ලාංකික අධ්‍යක්ෂක ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය Tentigo ලාංකීය සිනමාපටයේ නිල කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Perusu ඉන්දියානු සිනමාපටයේ…

18 hours ago