පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම සිදුකර ඇති බව වාර්තාවනවා.
මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ද සිදු කරනු ලැබුවා.
කෙසේවෙතත් කෙසේවෙතත් පාර්ලිමේන්තු ලේඛන කාර්යාලයෙන් ලද ලිපියක සඳහන් ව තිබුණේ සභා නායක කාර්යාලයෙන් ලද තොරතුරු අනුව හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවිය සඳහන් කළ බවය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදුකළ අතර ඊට අදාළව විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසනවා.…
අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පුද්ගලයින්100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික්…
චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 වන…
ලාංකික අධ්‍යක්ෂක ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය Tentigo ලාංකීය සිනමාපටයේ නිල කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Perusu ඉන්දියානු සිනමාපටයේ…