ආර්ථික

නව ආණ්ඩුවේ පළ​මු අයවැය – ජනපතිගේ වියදම් අඩකින් කප්පාදු කරයි!

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වන දා පාර්ලිමේන්තුවේ සභාගත කෙරිණි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙහි විශේෂතා රැසක් දැක ගත හැකි ය.

සමස්ත වියදමේ ඉහළ යාමක්

මෙවර විසර්ජන පනත් කෙටුම්පත අනුව සමස්ත පුනරාවර්තන සහ මූලධන වියදම්වල එකතුව රුපියල් බිලියන 4,218කි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේ 2024 වසර සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනතෙහි සමස්ත වියදම වූයේ, රුපියල් බිලියන 3,860කි.

ඒ අනුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ඉදිරිපත් කර ඇති පළමු විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ වියදම් රුපියල් බිලියන 358කින් වැඩි වී තිබේ.

ජායාරූප උපුටා ගැනීම BBC සිං​හ​ල

ජනපතිගේ වියදම් අඩකට වඩා අඩු වෙයි

​‍2025 සඳහා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයාගේ වියදම් පසුගිය වසරට සාපේක්ෂව අඩකට වඩා වැඩියෙන් අඩු කර තිබේ.

2024 වසරේ ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රුපියල් බිලියන 6.6ක් වෙන් කෙරුණු අතර, 2025 වසර සඳහා එම වියදම රුපියල් බිලියන 2.9ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් බිලියන 3.7කින් කපා දමා තිබේ.

කෙසේ වෙතත්, 2024 වසරේ අග්‍රාමාත්‍යවරයාගේ වියදම රුපියල් බිලියන 1.15ක් වූ අතර, 2025 වසර සඳහා එය රුපියල් බිලියන 1.17ක් දක්වා ඉහළ දමා ඇත.

ජායාරූප උපුටා ගැනීම BBC සිං​හ​ල

වැඩි ම වියදම් සහිත අමාත්‍යංශ මොනවා ද?

2025 වසර සඳහා වැය ශීර්ෂය රුපියල් බිලියන 400ට වඩා වැඩි අමාත්‍යංශ 5ක් තිබේ.

ඒ අතරින්, වැඩි ම මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ, ජනාධිපතිවරයා යටතේ ඇති මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා ය.

වැඩි ම මුදලක් වෙන් කර ඇති අමාත්‍යංශ සහ වැය ශීර්ෂ මෙසේ ය.

  • මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය – රු.බි. 714.1
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය – රු.බි. 508.5
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය – රු.බි. 496.5
  • ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය – රු.බි. 473.4
  • ආරක්ෂක අමාත්‍යංශය – රු.බි. 442
ජායාරූප උපුටා ගැනීම BBC සිං​හ​ල

සමස්ත වැය ශීර්ෂයේ ප්‍රතිශතයක් ලෙස

ප්‍රධාන අමාත්‍යංශ කිහිපයක් සඳහා වන ඇස්තමේන්තුගත වියදම් සමස්ත වැය ශීර්ෂයේ ප්‍රතිශතයක් ලෙස පහත දැක්වේ.

  • මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය – 16%
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය – 12%
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය – 12%
  • ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය – 11%
  • ආරක්ෂක අමාත්‍යංශය – 10%
  • අධ්‍යාපන අමාත්‍යංශය – 6%

අමාත්‍යංශවල වැය ශීර්ෂ

විශේෂ ආයතන කිහිපයක වැය ශීර්​ෂ

Ceylon News Factory

Recent Posts

අම්පාරේ පුද්ගලයින් 100ක් නිවාසවලින් ඉවත් කෙරේ !

අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පුද්ගලයින්100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික්…

8 hours ago

ජනපතිගේ චීන සංචාරය: ලෝක බලවතුන්​ගේ ඇස ශ්‍රී ලංකාව දෙසට!

චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 වන…

9 hours ago

ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ පදවියක් එල්ලූ පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට !

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන්…

10 hours ago

ලාංකිකයෙකු අධ්‍යක්ෂණය කරන ඉන්දියානු චිත්‍රපටයක් – ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ (Tentigo) කොලිවුඩය​ට ප්‍රතිනිර්මාණය වෙ​යි (VIDEO)

ලාංකික අධ්‍යක්ෂක ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය Tentigo ලාංකීය සිනමාපටයේ නිල කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Perusu ඉන්දියානු සිනමාපටයේ…

12 hours ago

බන්ධනාගාර රෝහලේ අල්ලස් ගන්න වෛද්‍යවරයෙක් ගැන විමර්ෂණයක් ඉල්ලයි!

බන්ධනාගාර රෝහලේ පරිපාලන කටයුතු භාර ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයද ඇතුළුව පාර්ශ්ව රැසකින්…

13 hours ago

දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළට!

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය…

14 hours ago