ශ්‍රී ලංකා

බන්ධනාගාර රෝහලේ අල්ලස් ගන්න වෛද්‍යවරයෙක් ගැන විමර්ෂණයක් ඉල්ලයි!

බන්ධනාගාර රෝහලේ පරිපාලන කටයුතු භාර ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයද ඇතුළුව පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී තිබේ.

ඒ අදාල වෛද්‍යවරයා, බන්ධනාගාරගතවන සිරකරුවන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සදහා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙනි.

මේ දිනවල මතු-ව තිබෙන ආන්දෝලනාත්මක සිද්ධියට අමතරව, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කර සැනින් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද්දේ කවර පදනමකින්ද යන්න පිළිබදවද සොයා බලන ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට බලපෑම් එල්ල වෙමින් තිබේ.

එමෙන්ම මේ කියන වෛද්‍යවරයා කොවිඩ් වසංගතය පැවති සමයේ සිරකරුවන් සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය පිළිබදවද චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වන්නේ, බන්ධනාගාර රෝහලේ සේවය කරන දූෂණ චෝදනා එල්ල වී තිබෙන මේ වෛද්‍යවරයා ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන නිළධාරියෙකුද කටයුතු කරන බව වාර්තා වීමයි.

Ceylon News Factory

Recent Posts

අම්පාරේ පුද්ගලයින් 100ක් නිවාසවලින් ඉවත් කෙරේ !

අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පුද්ගලයින්100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික්…

8 hours ago

ජනපතිගේ චීන සංචාරය: ලෝක බලවතුන්​ගේ ඇස ශ්‍රී ලංකාව දෙසට!

චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 වන…

9 hours ago

ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ පදවියක් එල්ලූ පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට !

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන්…

10 hours ago

ලාංකිකයෙකු අධ්‍යක්ෂණය කරන ඉන්දියානු චිත්‍රපටයක් – ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ (Tentigo) කොලිවුඩය​ට ප්‍රතිනිර්මාණය වෙ​යි (VIDEO)

ලාංකික අධ්‍යක්ෂක ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය Tentigo ලාංකීය සිනමාපටයේ නිල කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන Perusu ඉන්දියානු සිනමාපටයේ…

12 hours ago

දිනකට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළට!

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය…

14 hours ago

ඩේටා පැකේජ්වල ගණන් වැඩි කරලා ද? – විදුලි සංදේශ කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක් !

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට…

17 hours ago