ශ්‍රී ලංකා

වෙලේ සුදාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරේ!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කිරීමෙන් අනතුරුවයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කෙරුණු අතර නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

Ceylon News Factory

Recent Posts

2025 වසරේදී බාර් වැසෙන දිනයන් මෙන්න !

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.…

1 hour ago

මහීෂ් තීක්ෂණ ICC ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයට !

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා දඟපන්දු…

2 hours ago

සීගිරිය Night Life යනුවෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප අසත්‍යයි – විශේ​ෂ නිවේදනයක්!

ඓතිහාසික සීගිරිය පර්වත බලකොටුව රාත්‍රී කාලයේ සංචාරකයින් සඳහා විවෘත කරන බවට පළ වන වාර්තා බුද්ධශාසන,…

4 hours ago

ජනපති අනුර චීන ජනපති හමුව අද !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්…

7 hours ago

කොළඹට පැය 12ක ජල කප්පාදුවක් – ජලය නොමැතිවන ප්‍රදේශ මෙන්න !

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…

7 hours ago

දොඩංගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් !

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසනවා.…

8 hours ago