විදේශ

ජනපතිගේ චීන සංචාරයෙන් ඩොලර් බිලිය​න 3.7ක දැවැන්ත ආයෝජනයක් ලංකාවට එයි – ගිවිසුම අත්සන් තබයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී විය.

මේ අතර ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිඳභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කර තිබේ.

චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ “ආයෝජන සැසියේ” ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

CNTY- China Tianying Inc, China Harbour Engineering Company Ltd, China Communications Construction Company Ltd, China Petrochemical Corporation -SINOPEC Group, Metallurgical Corporation of China Ltd, CCECC-China Civil Engineering Construction Corporation, China Energy International Group Company Ltd, The Guangzhou Public Transport Group, Huawei සහ BYD Auto ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාගම් ප්‍රධානීන් සමඟ සුහද පිළිසඳරකද නිරත විය.

Ceylon News Factory

Recent Posts

එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවන් සඳහා සමගි ජන බලවේගය කැමති වෙයි !

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී…

43 minutes ago

ණය නිසා හිර වුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්න සුබ පණිවිඩයක් !

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින්…

1 hour ago

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ නිවේදනයක් !

චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. චීන ජනාධිපති…

2 hours ago

වාලච්චේන කඩදාසි කම්හල නැවත ඇරඹෙයි !

වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය…

3 hours ago

දුමින්ද සිල්වා නැවත වැලිකඩ සිර කූඩුවට!

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක්…

6 hours ago

අත් අඩංගුවට ගන්න එපා – ​CID කැඳවීමට මනුෂ නානායක්කාර ඇප ඉල්ලයි!

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොළඹ මහේස්ත්‍රාත්ම අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.…

6 hours ago