ශ්‍රී ලංකා

වාලච්චේන කඩදාසි කම්හල නැවත ඇරඹෙයි !

වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්.

කඩදාසි කම්හලේ අක්‍රිය යන්ත්‍ර අලුත්වැඩියා කිරීමෙන් පසු මෙහෙයුම් නැවත ආරම්භ කළ බවයි අමාත්‍යවරයා පවසනවා.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව, වාලච්චේන කඩදාසි කම්හල වසා දැමීමේ යෝජනාව වෙනුවට රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ හැකියාව සොයා බලා තිබෙනවා.

වාලච්චේන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර 1956 දී ආනයනය කරන ලද බැවින්, අලුත්වැඩියාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් පමණ අවශ්‍යවන බවටයි වාර්තා වෙන්නේ.

අමෙරිකානු ඩොලර් මිලියන 1.2ක් වියදම් කර යන්ත්‍ර අලුත්වැඩියා කළහොත්, දිනකට ටොන් 5ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් මසකට රුපියල් මිලියන 22ක ලාභයක් ලබා ගත හැකි බවටයි වාර්තා සඳහන් කරන්නේ.

Team CNF

Recent Posts

එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවන් සඳහා සමගි ජන බලවේගය කැමති වෙයි !

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී…

3 hours ago

ණය නිසා හිර වුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්න සුබ පණිවිඩයක් !

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින්…

4 hours ago

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ නිවේදනයක් !

චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. චීන ජනාධිපති…

5 hours ago

දුමින්ද සිල්වා නැවත වැලිකඩ සිර කූඩුවට!

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක්…

9 hours ago

අත් අඩංගුවට ගන්න එපා – ​CID කැඳවීමට මනුෂ නානායක්කාර ඇප ඉල්ලයි!

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොළඹ මහේස්ත්‍රාත්ම අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.…

9 hours ago

ජනපතිගේ චීන සංචාරයෙන් ඩොලර් බිලිය​න 3.7ක දැවැන්ත ආයෝජනයක් ලංකාවට එයි – ගිවිසුම අත්සන් තබයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය…

9 hours ago