ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක ලකුණු සටහන් කරමින් විකල්ප මාධ්‍ය භාවිතයේ ගැඹුරු අරුත් පෙන්වා දුන් රාවය පුවත්පතේ හිටපු කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද දිවි සැරියෙන් සමුගත්තේය.
ඔහු ජන මනස අවදි කරමින් සමාජ පර්යේෂණ කෘති ගණනාවක් බිහි කළ විදග්ධ ග්‍රන්ථ කරතෘවරයෙක් ද වූයේය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහු කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මිය යනවිට ඔහු 75 වැනි වියෙහි පසුවූයේය. මාජුවානා කන්කානම්ගේ වික්ටර් අයිවන් ලෙස 1949 වසරේ ජූනි මස 26 වැනිදා උපත ලද ඔහු 1971 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කැරල්ලෙහි ඉදිරිපෙළ චරිතයක් වූයේය. ඔහු එවකට පක්ෂය හඳුන්වා දුන්නේ පොඩි අතුල නමිනි.
වික්ටර් අයිවන් පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතුවලින් ඈත් විය. අනතුරුව ඔහුගේ දේශපාලනය ජන මාධ්‍යය ඔස්සේ ඔහු සමාජය තුළ තියුණු ලෙස භාවිතා කළේය.
රාවය සඟරාවේත් රාවය පුවත්පතෙත් ආරම්භක කර්තෘවරයා වූයේ ඔහුය. ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා දායකත්වය දැක්වූ පුරෝගාමියෙකි.
වික්ටර් අයිවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
ඔහු විසින් රචිත දේශපාලනික කෘතින් අතර 71 කැරැල්ල, නොනිමි අරගලය, චෞර රැජින සහ දේශපාලනයේ පවුල හා කුලය යන ග්‍රන්ථ පාඨකයන් අතර වඩාත් ප්‍රචලිත විය.
වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ යෝෂිත…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද…
ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26)…
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.…
සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ…