ශ්‍රී ලංකා

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් !

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහල ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාපතය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවා ඇත්තේ ජල මාපක වල විශ්ලේෂණය අනූව මෙතැන් සිට පැය 48 ක් දක්වා කාලය තුල වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර නිම්නයේ පිටාර තැන්නට අයත් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

මේ හේතුවෙන් මල්වතු ඔය අවට පහත් බිම් හරහා වැටී ඇති දැනට යටවී පවතින මාර්ග දැඩි අවධානම්කාරී වනු ඇති අතර මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ගල් ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතු කොටගෙන ගල් ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව දැනුම් දී තිබෙනවා.

මේ තත්ත්වය මත ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වල පිහිටි අඩ්ඩාලච්චේනෙයි, අක්කරෛපත්තු, අම්පාර, දමන, එරාගම, මඩුල්ල, නින්දවූර් සහ සමන්තුරෛ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට අවධාරණය කරනවා.

තවද පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලට දැනුම් දී ඇත.

Team CNF

Recent Posts

යෝෂිතගේ ජායාරූපය කුමක්ද? විළංගු නොදැම්මේ ඇයි? – පොලිසියෙන් පැහැදිලි කිරීමක්!

සමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී ලබාගෙන ඇ​ති…

39 minutes ago

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් පැටලෙයි – රැඳවියන් 4ක් රෝහලේ !

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද (26) පස්වරුවේ ගැටුමක් ඇතිව තිබෙනවා. තුවාල ලැබූ රැදවියන් 4…

2 hours ago

යෝෂිත රාජපක්‍ෂ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට!

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි…

4 hours ago

ICC වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු…

4 hours ago

ෆයිල් සඟවාගෙන සිටි නීති නිලධාරිනියක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්!

වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු…

6 hours ago

ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරයා යාපනයේ දේශනයක් අතරතුර ජීවිතක්ෂයට!

කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස සේවය කරනු ලබන ආචාර්යවරයෙකු යාපනයට පැමිණ ඊයේ (25) දිනයේදී…

9 hours ago