ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ ආර්ජී කාර් රෝහලේ කනිෂ්ඨ වෛද්‍යවරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ස්වේච්ඡා සේවකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.
කෙසේවෙතත්, ඔහුට ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වූ බවත් ඇගේ මිනීමරුවා එල්ලා මරා දමනු ඇතැයි බලාපොරොත්තු වූ බවත් වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර ඇත.
එහෙත් මෙම නඩුවේ විනිසුරු අනිර්බන් දාස් මෙම නඩුව “දුර්ලභම නඩු වලින් දුර්ලභ” නොවන බැවින් මරණ දණ්ඩනයට සුදුසු නොවන බව සඳහන් කර තිබෙනවා.
මියගිය වෛද්‍යවරියගේ සිරුර පසුගිය වසරේ අගෝස්තු 9 වැනිදා සොයාගනු ලැබුවේ කොල්කටා හි පිහිටි රෝහලක කාමරයක තිබියදීය.
මේ සිද්ධිය ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස වෛද්‍යවරිය ඝාතනයට ලක්වූ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජේ රෝයි නමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම නඩුවේ එකම වරදකරු වන රෝයිට මරණීය දණ්ඩනය ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනය ගොනු කරන ලෙස අධිනීතිඥ ජනරාල් කිෂෝර් දත්තා විනිසුරු දෙබංසු බසාක් ප්‍රමුඛ කොට්ඨාශ විනිසුරු මඩුල්ලක් වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තාවනවා.
සමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී ලබාගෙන ඇති…
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද (26) පස්වරුවේ ගැටුමක් ඇතිව තිබෙනවා. තුවාල ලැබූ රැදවියන් 4…
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ 'නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා' ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු…
වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු…
කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස සේවය කරනු ලබන ආචාර්යවරයෙකු යාපනයට පැමිණ ඊයේ (25) දිනයේදී…