ශ්‍රී ලංකා

කුරුල්ලන්ට තැබූ වෙඩිල්ල නිසා කටුනායක ගුවන්තොටුපොළ පත්තු වෙයි – තිදෙනෙක් රෝහලේ!

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ධාවන පථය අසල ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුලු රංචුවක් පලවා හැරීම සඳහා, ඔවුන් වෙත එල්ල කළ කුරුල්ලන් පලවා හැරීමේ වෙඩි ප්‍රහාරයක්, නොපිපිරී යළිත්, ඔවුන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී පිපිරීමෙන් ඊයේ (20) දහවල් ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් වෙත ඊයේ දින දහවල් 11:45ට පමණ ගුවන්තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක්, ගුවන් ගමන්වලට බාධා වන අයුරින් පියාසලමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව, එම නිලධාරීන් තිදෙනෙකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසලට ගොස්, එම පක්ෂි රංචුව පලවා හැරීම සඳහා අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක්, එම පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබේ.

එම වෙඩිල්ල නොපිපිරී යළිත්, එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇදවැටී තිබේ.

ඒ වනවිටත් තවත් එවැනි වෙඩි කීපයක් එම රථය තුළ තිබී ඇති අතර ඒවාද, එකවරම පිපිරීමට ලක් වීමෙන්, හදිසි ගින්නක් ඇති වී තිබේ.

ඒ සමග ම කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කීපයක් යොදා ගනිමින් එම ගිනි ගැනීම මැඬපවත්වා තිබේ.

මෙම සිදු වීමෙන් මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම නිලධාරීන් ගමන් කළ කැබ් රථයට ද හානි සිදු වී තිබේ.

Ceylon News Factory

Recent Posts

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක !

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල…

33 minutes ago

බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි!

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත…

11 hours ago

යාපනය විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙයි!

යාපනය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය සහ මත්පැන් ඇතුළු අශ්ලීල ලිංගික හැසිරීම්වට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ…

14 hours ago

වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ!

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික…

15 hours ago

නව ගුවන් හමුදාපතිවරයා මෙන්න!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කර…

15 hours ago

යෝෂිත රාජපක්ෂට එරෙහි​ව තවත් නඩුවක්!

වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ යෝෂිත…

22 hours ago