ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රීඩා සමාජයක් කුජීත වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය සති 2කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රට තුළ සැලසුම් කරන ඉහළම අන්තර් සමාජ ක්‍රිකට් ක්රීඩාවලිය වන මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නියෝජනයන් සහිතවනවා මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පෙළ ද බිහි කරන්නේය.
එබැවින් ජාතික වශයෙන් අතිශය වටිනා මෙම තරගාවලිය අදාල බරින්ම මෙතෙක් කල් පැවතුන අතර තරගාවලිය සැලසුම් කළ දින දර්ශනය සිල්ලර හේතුමත වෙනස් වන්නේ නැත.
එසේ තිබිය දී තරගාවලියේ දින වෙනස් කරන බවට දන්වා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කළේය. හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා සමාජයවල සංචිතයන්හි සිටිනා ජාතික තලයේ ක්‍රීඩකයින් සහභාගී වීමය. ඒ අනුව ඔස්ට්‍රේලියානු තරග සංචාරය නිමා වනතෙක් සති දෙකක් කාලයක් ඉදිරියට තරගාවලිය කල් දමා තිබිණි.
ඉතිහාසයේ මින් පෙර මෙවැනි ජාත්‍යාන්තර තරගාවලි පැවැත්වෙන අවස්ථාවල දී ඊට අනුරූපිව පළමු පෙළ ක්‍රිකට් තරගවල දින දර්ශනය වෙනස් කළේ නැත. අනෙක පළමු පෙළ තරගාවලිය ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලියට පසු හදිසියේ එක්වරම සැලසුම්වූවාත් නොවේ.
තවද මෙවැනි තරග පැවැත්වීමේ පරමාර්ථය ජාතික තලයේ ක්‍රීඩකයන් ගස්සවා ක්ලබ් දිනවීම නොව, ඔවුන් නැති අවස්ථාවක ඔවුන් වෙනුවෙන් යෙදවිය හැකි විකල්ප ඇතිදැයි ප්‍රායෝගිකව අත් හදා බැලීමය.
මේ සියලුම තත්ත්ව සලකා බලද්දී අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීන්දුව අතිශයින්ම ප්රශ්නකාරී වූයේය. තවදුරටත් කළ විමසා බැලීමක දී අනාවරණය වන්නේ අපූරු කතාවකි.
මෙවර අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ දී බී ඛාන්ඩයේ අන්ත කුජීත ලෙස පැරදී අන්තිම තැනට වැටී ඉන්නේ කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කරන එස්එස්සී (SSC) ක්‍රීඩා සමාජය ය. එය මේ ලකුණු සටහනින් තේරුම් ගත හැකිය.
ජනවාරි 30 සිට පෙබරවාරි 2 දක්වා පැවිත්වීමට නියමිත තරගාවලියේ 5වන වටයත්, පෙබරවාරි 7 සහ 09 දිනවල පැවැත්වීමට නියමිත පැවැත්වීමට නියමිත මේ තරගාවලියේ 06වන වටයත් කුසල්ලා, ප්‍රභාත්ලා, නුවනිඳුලා නැතිව ගැහුවොත් දැනට බී ඛාණ්ඩයේ අවසන් තැනට වැටී සිටින එස් එස් සී කණ්ඩායමට පළමු 06 දෙනා අතරට එන්නට හැකියාවක් නැත.
තරගාවලියේ පළමු 07දෙනා අතරට එක් නොවන එක් ඛාණ්ඩයක අවසන් කණ්ඩායම් දෙක බී ඛාණ්ඩය දක්වා පහළ වැටෙන්නේය. එසේ ඇදවැටුනොත් එස්.එස්.සී කණ්ඩායමට ඊලඟ වසරේ පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහෙන්නේය.
එස්.එස්.සී කණ්ඩායම මේ ඉරණමෙන් බේරා ගැනීම සඳහා ගැසිය හැකි අවසන් තුරුම්පුව ලෙස ලංකාවේ වැදගත්ම පළමු පෙළ තරගාවලියේ කාල සටහන වෙනස් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම සම්බන්ධව ඒ ඛාණ්ඩයේ අනෙක් කණ්ඩායම් මේ වනවිට සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ. ඔවුන් ක්‍රිකට් ආයතනයේ හැසිරීමට නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා සූදානම් වන බව ද වාර්තා වේ.
අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
2024 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායම (ICC Men's ODI Team of the Year) ජාත්‍යන්තර…
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු…
අගමැති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම 71%ක් අඩු කර ඇති බව…