ශ්‍රී ලංකා

පොළොන්නරුවේ ගංවතුරට හේතුව මෛත්‍රී කියයි !

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් ව ඇත්තේ මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තමන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමන්ගෙන් පසු බලයට පත්වූ ආණ්ඩු ක්‍රියාත්මක නොකිරිම බවය.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශවලින් එකතුවන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ මිනිපේ ජලාශයට පමණක් ගලා යන බැවින් 2019 වසරේදී තමන් විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්ද ජලාශයෙන් ජලය කි.මි 15-20 පමණ ඇලමාර්ගයක් ඉදි කරමින් පැවති බවත් 2019 වසරේ සිට 2024 වසර දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරීම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක නොකළ බව හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වෙනවා.

ඔහු නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ 2019 වසරේ සිට 2024 වසර දක්වා ම වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුණේ නම් පොළොන්නරුවට මෙවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන බවය.

මේ හේතුවෙන් වර්තමාන රජය මේ සම්බන්ධව අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පළාතට ජලය ගෙන යන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් ඇති නොවන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහ මුහුදට ගලාබදින බවත් වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයේ දියුණුව කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිරිකිරීමට කටයුතු කරන ලෙසත් වර්තමාන රජයෙන් ඉල්ලා සිටින බවත් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Team CNF

Recent Posts

මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක් !

අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය…

6 hours ago

ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු මෙන්න!

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…

12 hours ago

ICC වසරේ එක්දින කණ්ඩායම නම් කෙරේ – නායකත්වය චරිත්ට, ශ්‍රී ලංකාවෙන් හතරක්!

2024 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායම (ICC Men's ODI Team of the Year) ජාත්‍යන්තර…

13 hours ago

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පැන්​න ‘බැට් මෑන්’ අත් අඩංගුවට (VIDEO)

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු…

17 hours ago

අගමැති හරිනි​ගේ අමාත්‍යාංශයේ ඉන්ධන වියදම මිලියන 3 සිට මිලියන 01 දක්වා අඩු කරයි (VIDEO)

අගමැති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම 71%ක් අඩු කර ඇති බව…

1 day ago

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාවන් නිකුත් කෙරේ!

2024, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාව ප්‍රකාශයට පතර කර තිබෙනවා. සිංහල…

1 day ago