ශ්‍රී ලංකා

මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක් !

අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය අවලංගු කර ඇති බවට පළවන වාර්තා අදානි සමූහය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක්ම අද (24) ශ්‍රී ලංකාවේ මෙම අදානි ව්‍යාපෘතිය අවලංගු කර ඇති බවට වාර්තා පළ කර තිබුණා.

ඒ අනුව පළකර තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් අදානි සමූහය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2025 ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බවත් මෙම නිවේදනයෙන් අදානි සමාගම අවදාරණය කරනවා.

අදානි සමාගම විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Team CNF

Recent Posts

පොළොන්නරුවේ ගංවතුරට හේතුව මෛත්‍රී කියයි !

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල අධික වැසි හේතුවෙන් විනාශ වීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

6 hours ago

ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු මෙන්න!

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…

12 hours ago

ICC වසරේ එක්දින කණ්ඩායම නම් කෙරේ – නායකත්වය චරිත්ට, ශ්‍රී ලංකාවෙන් හතරක්!

2024 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායම (ICC Men's ODI Team of the Year) ජාත්‍යන්තර…

13 hours ago

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පැන්​න ‘බැට් මෑන්’ අත් අඩංගුවට (VIDEO)

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු…

17 hours ago

අගමැති හරිනි​ගේ අමාත්‍යාංශයේ ඉන්ධන වියදම මිලියන 3 සිට මිලියන 01 දක්වා අඩු කරයි (VIDEO)

අගමැති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම 71%ක් අඩු කර ඇති බව…

1 day ago

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාවන් නිකුත් කෙරේ!

2024, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාව ප්‍රකාශයට පතර කර තිබෙනවා. සිංහල…

1 day ago