සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ ගෙන ඇති ඡායාරූපය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.
අද (26) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ එම ඡායාරූප ගෙන ඇත්තේ බෙලිඅත්ත අධිවේගී මුරපොළේ ඔහුව රඳවාගෙන සිටි අවස්ථාවේ දී බවත් එය රැගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් බවත්ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කරමින් පවසා සිටියේ අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුටම අත්විලංගු දැමීම අත්‍යවශ්‍ය නොවන බවත් සැකකරුගේ හැසීරීම මත එම අවස්ථාවේ රජකාරියේ නියුතු පොලිස් නිලධාරියා විසින් සැකකරුට අත්විලංගු දමනවාද නැද්ද යන්න යන්න පිළිබඳව තීරණය කරන බවයත්ය.
ඒ අනුව, අදාළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් නිවැරදී නෛතික පියවර ගෙන තිබූ බවත් ඒ සඳහා කිසිදු ලෙසක දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් සිදු නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
ඊයේ උදෑසන ඔහුගේ දෙහිවල නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියා. එහිදි තොරතුරු හරහා අපිට ලැබුනේ ඔහු බෙලිඅත්තට ගිහින් ඇති බවයි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්න අපි බෙලිඅත්ත ප්‍රදේශයට ගමන් කළා. ඒ අතරතුර අධිවේගී මාර්ගයේ පිටවීමේ අසන්නයේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහුව රඳවා ගැනීමක් කරලා මුරපොළ වෙත රැගෙන ගොස් වාඩි කරලා තිබුණා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එතනට පැමිණ ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමක් සිදුකළා.”
ඒ කියන ඡායාරූපය අරගත්තේ පොලිස් නිලධාරීන් නෙමෙයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු වූ සිදුවීමකුත් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන තුරු ඔහුව බෙලිඅත්ත අධිවේගී මුරපොළෙහි රඳවාගෙන සිටි අවස්ථවේ දී ඔහු ලබාදුන් ඡායාරූපයක්. යම්කිසි මිතුරෙක් හෝ කිසියම් කෙනෙක් ලබාගත් ඡායාරූපයක්. “
මාංචු දැමීම කියන එක, අපි අත්අඩංගුවට ගැනීමක් සිදුකරන විට, සියල්ල සිදු කරන්නේ නෛතික පදනමක් මත. පැන යාම හෝ සිරබාරයට ගැනීමට ඔහු විරුද්ධ වෙනවා නම් ඔහුව පාලනය කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් තමයි මාංචු දැමීම. ඔහු අවනත වෙනවා නම් අත්විලංගු දමන්න අවශ්‍ය වන්නේ නෑ. එය තීරණය කරන්නේ ඒ මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරීන්.”
අපි අවසාන වශයෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා නියමිත නෛතික පියවර අනුගමනය කලා. අධිකරණයට යොමු කළා. ඒ අනුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළා. සියල්ල අපි නීතියට අනුකූලව ඉෂ්ඨ කළා. කිසිසේත්ම විමර්ශන සඳහා දේශපානල අධිකාරියේ මැදිහත්වීමක් නෑ. විශේෂයෙන්ම අපගේ විෂයභාර අමාත්‍යවරයා හෝ විමර්ෂණ සඳහා මැදිහත්වීමක් කරන්නේ නෑ. පාරිපාලනයට පමණයි මැදිහත්වීමක් කරන්නේ.”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී ඊයේ (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ඔහුගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් නමැත්තිය හා එක්ව නිවසක් මිලදීගැනීමේ සිද්ධියකට අදාළ නීතිපති උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේය.
පසුව ඔහුව අලුත්කඩේ මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබුණි.
වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ යෝෂිත…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද…
ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26)…
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.…
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද (26) පස්වරුවේ ගැටුමක් ඇතිව තිබෙනවා. තුවාල ලැබූ රැදවියන් 4…