වසර දහයකට ආසන්න කාලයක් නාවික හමුදාවේ සේවය කර ලුතිනන්වරයකු ලෙස වැඩ තහනමට ලක් වූ යෝෂිත රාජපක්ෂ රුපියල් කෝටි ගණනින් අයථා වත්කම් රැස් කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ඉදිරියේදී ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද (27) පැවසීය.
නීතිපතිවරයා වෙනුවෙන් ජෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පිරිස් සඳහන් කර සිටියේ. 2006 නාවික හමුදාවට බැඳී 2016 වැඩ තහනමට ලක් යෝෂිත රාජපක්ෂ සැකකරු 2013 වසරේ දී රුපියල් ලක්ෂ 500 ක ඉඩමක් මිලදී ගැනීම, CSN නාලිකාවන් පවත්වාගෙන යමින් මුදල් රැස් කිරීම ඇතුළු තවත් විමර්ශන ගණනාවක් රහස් පොලිසිය සිදු කරන බවයි. ඊට අදාළ නඩු නුදුරේදී අධිකරණයට ගොනු කිරීමට කටයුතු සම්පාදනය කරන බවත්ය.
රත්මලාන පෙදෙසේ රුපියල් ලක්ෂ 340 කට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (27) නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල…
බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත…
යාපනය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය සහ මත්පැන් ඇතුළු අශ්ලීල ලිංගික හැසිරීම්වට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ…
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කර…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද…