කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපයේ සිසුන් 850 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබන අතර, සිසුන් හට ක්‍රීඩා කිරීම හා ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් නොමැති වීම දැඩි අඩු පාඩුවක්ව පවතී.
එබැවින් ශ්‍රී පාලි මණ්ඩපයට යාබදව ඇති කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් වන, දැනට කිසිදු වගාවක් සිදු කර නොමැති අක්කර 2.5ක් වන ඉඩම් කොටසක් පොදු ක්‍රීඩාංගණයක් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි වෙන් කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තිබේ.
එම ඉඩම් කොටස වන්දි රහිතව නිදහස් කිරීමට කොටගල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇති අතර, එම කාර්යය සඳහා එකී ඉඩම් කොටස වෙන් කර දීම සම්බන්ධයෙන් එම ඉඩම්වල ස්වර්ණමය කොටස් හිමිකරු වශයෙන් භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව, කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයාය අයත් ඉඩමෙන් අක්කර 2.5 ක ප්‍රමාණයක් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත්…
මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ…
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අද (29) පස්වරුවේදී ය.…