දේශපාලන

මන්ත්‍රී අර්ච්චුනාට ඇප !

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි.

ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 3වනදා යළි කැඳවීමට නියමිතය.

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා මෙම මස ඉකුත් 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුළ බවට තොරතුරු වාර්තා විය.

පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළා.

Team CNF

Recent Posts

බස්නාහිර ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ්…

54 minutes ago

මගී ගුවන් යානයක් හමු​දා හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක් (VIDEO)

ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත්…

9 hours ago

පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් 323ක් ගැන රේගුවෙන් පැහැදිලි කිරිමක් !

මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…

11 hours ago

හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි !

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…

21 hours ago

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි !

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත්…

24 hours ago

මහජන පැමිණිලි ඉදිරිපත් කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් !

මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ…

1 day ago