මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව 071 40 33 300 යන වට්ස්ඇප් අංකයට යොමු කිරීමට හැකියාව ඇත.
මහජනතාව විසින් මෙම අංකය වෙත ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වනවිටත් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.
මේ අතර TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට තවත් අවස්ථාවක් සලසා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ්…
ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත්…
මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත්…