පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති උද්ඝෝෂණ වලට එරෙහිව යාපනයේ කිසිම ස්ථානයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරන වාරණ නියෝගයක් ඉල්ලමින් යාපනය පොලීසිය යාපනය අධිකරණයට ඊයේ (29) දා පෙත්සමක් ඉදිරිපත් කොට තිබෙනවා.
ඒ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෙට යාපනයට පැමිණෙන විට යාපනයේ ස්වාධීන මන්ත්‍රී අර්චුනා අතුලු තවත් සංවිධාන කීපයක පිරිස උද්ඝෝෂණ හා විරෝධතා මාලාවක් සංවිධානය කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවයි.
යාපනයේ කීසියම් ප්‍රදේශයක එවැනි යමක් සිදු වුවහොත් එය මහජන සාමයට හා නීතිය හා සාමය පවත්වා ගෙන යාමට විශාල බාධාවක් වන හෙයින් එම උද්ඝෝෂණ වලට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කරණ ලෙස පොලීසිය යාපනය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබදව කරුණු විමසා බලා තීරණයක් ගැනීම පිණිස පොලීසිය විසින් එම පෙත්සමේ නම් සදහන් කොට ඇති පුද්ගලයින් කීප දෙනෙකුට අද( 30 ) ඩඅධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබිණි.
අර්චුනා මන්ත්රීවරයාටද මෙම දැණුම් දීම අධිකරණයෙන් සිදුකර ඇත.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණී ජයවර්ධන ලේක්හවුස් ආයතනයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙනවා. මෙම නඩුව…
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ්…
ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත්…
මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…