ශ්‍රී ලංකා

පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් 323ක් ගැන රේගුවෙන් පැහැදිලි කිරිමක් !

මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට අයත් බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා රේගුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බහාලුම් රථ තදබදයට විසඳුමක් ලෙස 2024 ජූලි 18 වන දින පත්කරන ලද පරීක්ෂණ ඒකකය විසින් අදාළ බහාලුම් 323 නිදහස් කර ඇති බවත්, එමගින් ආයුධ, රත්‍රන් සහ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීමට හෝ රේගු බදුවල කිසිදු අලාභයක් සිදුවිය නොහැකි බවත් රේගුව පවසනවා.

බහාලුම් රථ තදබදයට විසඳුම් සෙවීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවේ උපදෙස් අනුව සහ 2025 ජනවාරි 12 වන දින ජනාධිපතිවරයා සහ කමිටු සභාපති අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් සැළකිල්ලට ගනිමින් අදාළ නිර්ණායක යටතේ පරීක්ෂණ ඒකකය විසින් බහාලුම් නිදහස් කර ඇති බව රේගුව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙනවා.

කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය බහාලුම් රථ තදබදය යම් දුරකට ලිහිල් කිරීමට උපකාරී වූ බවත්, එමඟින් ආනයනකරුවන් විශාල පිරිසකට අඩු පිරිවැයක් යටතේ කෙටි කාලයක් තුළ තම බහාලුම් නිදහස් කිරීමට හැකි වූ බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

නිදහස් කරන ලද බහාලුම්වලට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ලිමිටඩ් වෙනුවෙන් ආනයනය කරන ලද කිසිදු බහාලුමක් ඇතුළත් නොවන බවත්, ආයුධ, රත්‍රන් සහ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු වීමට හෝ රේගු බදු අලාභ සඳහා කිසිදු හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් අවධාරණය කරනවා.

මෙලෙස නිදහස් කරන ලද බහලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට අයත් බවට සමගි ජන බලවේග මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ චෝදනා කළහ

Team CNF

Recent Posts

ජනපති යාපනයට එන වෙලාවට අර්චුනා ඇතුළු පිරිසක් යාපනය පුරා උද්ඝෝෂණ සැලසුම් කරලා !

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති උද්ඝෝෂණ වලට එරෙහිව…

3 hours ago

බස්නාහිර ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්ගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ්…

4 hours ago

මගී ගුවන් යානයක් හමු​දා හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක් (VIDEO)

ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත්…

12 hours ago

මන්ත්‍රී අර්ච්චුනාට ඇප !

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…

24 hours ago

හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි !

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…

1 day ago

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි !

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත්…

1 day ago