ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල ගුවනේදී ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.
ඊයේ (29) රාත්‍රි 09 ට පමණ පියාසර කරමින් තිබියදී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කැන්සාස් ජනපදයේ විචිටා නුවර සිට වොෂින්ටන් අගනුවර රේගන් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති අතර අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ.
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති අතර ජීවිත හානි සහ අනතුරට හේතුව පිළිබඳ විස්තර තවමත් තහවුරු කර නොමැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු කණ්ඩායමක් හෙට (31) යාපනයේ සංවිධානය කර ඇති උද්ඝෝෂණ වලට එරෙහිව…
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ්…
මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත්…
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන්…
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී…
පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත්…