දින 44ක් පුරා අඛණ්ඩව සිදු කෙරුණු ඉන්දීය පතල් කම්කරුවන් සෙවීමේ ක්‍රියාන්විතය මේ වන විට අවසන්ව ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
ගල් අඟුරු පතල තුළ සිරවී සිටි පුද්ගලයින් පස් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමෙන් පසුව මෙම තිරණයට එලඹ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සොයාගත් මළ සිරුරු දිරාපත් වී ඇති බැවින්, පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණ පවත්වන අතර කෙසෙ නමුත් ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයෙන් අදාළ සිදුවීම වාර්තා වූයේ පසුගිය ජනවාරි 6 වන දිනයි.
ගල් අඟුරු පතල ජලයෙන් යට වන විට එහි කම්කරුවන් නව දෙනෙකු සිට ඇති බවට තොරතුරු වාර්තා වේ. පැවති අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ පළමු සතිය තුළ මළ සිරුරු හතරක් සොයා ගැනුණු අතර ඉතිරි මළ සිරුරු සොයාගැනීමත් සමඟ මෙහෙයුම් කටයුතු අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම මෙම සිදුවීමෙන් මියගිය පතල් කම්කරුවන්ගේ පවුල්වලට, වන්දි ලබාදීමට කටයුතු කරන බවයි ඇසෑම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.
https://youtu.be/Z2p3pna-qjc?si=VM7eM_kLOXRmPoHz
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…