ශ්‍රී ලංකා

මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදයි.

දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය ලෙස මහා ශිව රාත්‍රීය සලකයි.

ලොව බලවත්ම දෙවියා කවුද? යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මත ගැටුමේදී ශිව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පවසා ඇතැයි හින්දු සාහිත්‍යයේ සඳහන්ව ඇත.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැති අතර ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශිව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති.

‍හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරන්නේ ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත්කළ නැකත උදාවන දිනයේ ය.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම විශේෂත්වයකි.

Sasindu Sahan Tharaka

Recent Posts

ණය ගෙවලා ඉවර උනාම තෙල් මිල රුපියල් 50 කින් අඩු කරනවා – විදුලිබල ඇමති කියයි!

භාණ්ඩාගාරය විසින් පූර්ව රජය සමයේදී භාරගත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සම්පූර්ණ ණය මුදල…

2 hours ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම…

2 hours ago

හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට අධිකරණයෙන් නියෝගයක්!

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය…

2 hours ago

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු වෙයි – විස්තරය මෙන්න!

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය…

3 hours ago

සීදූවේ වෙඩි තැබීමක්!

සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් වාර්තා වේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත…

17 hours ago

වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…

3 days ago