වගාවට හානි කරන සතුන්ගේ නම් ලැයිස්තුවට ඉත්තෑවන් වල්ඌරන් අඩංගු කර නැතැයි හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
‘දිවයින’ පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, මෙම සතුන්ගේ නම් ඉවත්කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි ප්‍රශ්නයක් පැන නඟින බවයි.
එසේම විනාඩි පහක් ඇතුළත රිළවුන්, දඬුලේනුන් හා මොනරුන් සංගණනය ප්‍රායෝගික නොවන බව පවසන මහින්ද අමරවීර, ඇතැම් වතුවල රිළවුන් වඳුරන් සිය ගණනින් රංචු ගැසී සිටින බවයි පවසන්නේ.
පසුගිය කාලයේ තමා රිළවුන් චීනයට යැවීමට කටයුතු කිරීමේදී පිරිසක් විරෝධය දැක්වූ අයුරු ද හිටපු ඇමැතිවරයා විසින් සිහි කර ඇත.
“ඔය සංගණනයේදී සමහරු හිතෙන හිතෙන හැටියට ව්‍යාජ ගණන් හිලව් පවා ඉදිරිපත් කරන්න පුළුවන්. රිළවුන්, වඳුරන් සියගණනින් රංචු ගැහෙද්දී කාටද පුළුවන් විනාඩි පහෙන් ගණන් කරන්න? උන් එක තැනක ඉන්නේ නැහැ”
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…