මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ අනුව, අදාළ විභාග අපේක්ෂකයකු වේ නම්, ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් 2025.03.15 වන සෙනසුරාදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබෙනු ලබයි.
අදාල ලිපිය www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද පහසුකම් ලබා දී ඇති බව සදහන් වේ.
මේ වනතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම්, ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවද වැඩිදුරටත් දන්වා ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වර්ෂයේ මාර්තු මස 17 දින සිට පැවැත්වීමට නියමිතයි.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…