අපරාධ වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.
මෑතකදී වාර්තා වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික හිංසනයකට ලක්වීමේ සිදුවීම මාධ්‍ය වාර්තා කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ඇය මේ බව සඳහන් කලේය.
ලිංගික අපරාධයකට මුහුණ දුන් වින්දිතයගේ කට උත්තරය තවත් කාන්තාවක් විසින් හඬ කවා නැවත නැවතත් ප්‍රචාරය කිරීම තුළින් වින්දිතයා අගතියට පත්වන බවත් එමඟින් එම වින්දිත කාන්තාවගේ ධෛර්ය හා විශ්වාසය බිඳ වැටීම සිදුවන බවත් ඇය කියා සිටියි.
සරෝජා සාවිත්‍රි පෝල්රාජ් වැඩිදුරටත් අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ සිටින සෑම අයෙක්ම හිංසනයට ප්‍රචණ්ඩත්වයට මෙන්ම අපරාධ වාර්තාකරණයේ “කැත කමට” විරුද්ධ වන බවයි.
අනන්‍යතාවය හෙළි නොකිරීමට වග බලාගන්නා ලෙස මාධ්‍යය වෙත මඟ පෙන්වා ඇති අවස්ථාවක පවා පොලීසියට සහ අධිකරණයට ලබා දුන් සාක්ෂි මෙලෙස මුදා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඇය සඳහන් කර ඇත.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…
මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ…
කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි…
පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර…