පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බියෙන් වත්මන් ආණ්ඩුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්යන් රාසමාණික්කම් පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පාර්ශ්වයන්වල සිය අකමැත්ත පළකර තිබියදීත් මෙම වාර්තාව සභාගත කළ බව ඔහු සඳහන් කළා.
අද (15) පාර්ලිමේන්තුවේදී පැවැති අයවැය කාරක සභා අවස්ථාවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීම හරහා ජනතා විමුක්ති පෙරමුණ කරපු මනුෂ්‍ය ඝාතනවල ලැයිස්තුත් ප්‍රකාශයට පත්වන නිසා මෙම කොමිෂන් සභා වාර්තාවෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ මේක සභාගත කළේ නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තවත් කෑලි 10කට විතර කඩනවා. මේකට තියෙන බය නිසා තමයි මේක ටේබල් කළේ. ඒ නිසා කොමිෂන් සභා වාර්තාවෙන් මුකුත් වෙන්නේ නැහැ. මම දන්න විදිහට ජේවීපි එකේ මේ ඉන්න නායකයෝත් ඒ දවස්වල අවුරුදු 18-20 අය. බටලන්ද කොමිසම හරහා ජේවිපි එක කරපු ඝාතනවලත් දැන් ලිස්ට් එලියට එනවා. ඒවා සම්බන්ධව පරීක්ෂණ කරන්න වෙන හින්දා ජේවිපි එකේ ගොඩක් අය කැමති වුණේ නෑ මේක සභාගත කරනවාට. මේකෙන් වෙන්නේ සභාගත කිරීම පමණයි. මම අද කැට තියලා කියුවා කියලා හිතාගන්න. කතානායකතුමා සංවේදි වෙනවා මම දැක්කා. අපිත් සංවේදී මේවගේ දේවල්වලට. හැමදේකටම සංවේදී වෙනවානම් හොඳයි.
මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…
තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…
යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…