සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තිරණය කොට ඇති බව වාර්තා වේ.
මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂයේ ප්රතිසංවිධාන සහ ඉදිරි ගමන වෙනුවෙන් පිටු එකොළහකට වැඩි යෝජනාවලියක් සහ ඒ පිළිබඳව සිහිකැඳවමින් පිටු හතරක ලිපි ලියූ ඉම්තියාස් බාකිර් මාකර්, සිය ඉල්ලා අස්වීම වාක්‍ය හතරකින් ලියා විපක්ෂ නායක ලේකම් සුරංග රණසිංහ වෙන භාර දී ඇතැයි වාර්තා වේ.
පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල වෙහෙසක් දැරූ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් කිසිවෙකුට කිසිදු චෝදනාවක් සිදුකර නැති අතර, තමන් වෙත පැවරූ වගකීම පිළිබඳව පක්ෂ නායකයාටත් සියලු පාක්ෂිකයින්ටත් සිය ස්තූතිය පුදකර ඇතැයි වාර්තා වෙයි.
2019 වසර අගදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව අතිමහත් වූ මන්ත්‍රීවරු පිරිසක් සමඟ සමගි ජනබලවේගය නිර්මාණය කිරීමට කටයුතු කළ ප්‍රමුඛතමයෙක් වූ බාකිර් මාකර්, එය මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස ඔසවා තැබීමටත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා ලෙස පත්කිරීමටත් සාධනීය කාර්ය භාරයක් ඉටු කළේය.
කෙසේ නමුත් පසුගිය මහ මැතිවරණයේදි ජාතික ලයිස්තුවෙන් ඔහු පත් කරන බවට දී තිබූ පොරොන්දුව පක්ෂ නායකත්වය විසින් කඩකරනු ලැබීය..
රාගම බටුවත්ත ප්‍රදේශයේ අද රාත්‍රි 10.20ට පමණ සිදු කල වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා…
බෝයිං 737 වර්ගයේ තවත් මගී ප්‍රවාහන යානයක් මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටීමේ…
බදුල්ල මහාධිකරණයේදී විභාග වූ නඩුවකදී මරණ දඬුවම නියම වී වසර 10ක කාලයක් අධිකරණය මගහැර සිටි…
Starlink සේවාවන් දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව එම සමාගම නිල වශයෙන් නිවේදනය…
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත…