අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසුකරනවාත් සමග දුම්රියේ ගැටී ඇති අතර, ඒ හේතුවෙන් ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර කිහිපයක් ඈතට විසිවී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලැබූ දෙදෙනාම අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ බව වාර්තා වන අතර ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දුම්රිය ගේට්ටුකරුගේ බාල සොහොයුරෙකු බවද තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත් කොස්ගම පොලීසිය මෙ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
https://youtu.be/Z2p3pna-qjc?si=VM7eM_kLOXRmPoHz
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…