ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර ඇත.
මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135කි.
ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17 ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබා ඇත.
ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩුවිය යුතු අතර, වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි.
බාහිර ලෝකයෙන් දුරස්ව පැවැත්වෙන පාප්වරණය වෙනුවෙන් අද (28) සිට සිස්ටීන් දෙව් මැඳුර වසා දමා ඇත.
සුවිශේෂී වූ රතු ලෝගුවෙන් සැරසී ඡන්දය භාවිත කිරීමට එන කාදිනල්වරුන්ගේ ඡන්ද පත්‍රිකාව පාප්වරයා තෝරාගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරනු ලබයි.
1800 සිට එන එම සම්ප්‍රදායට හේතුවී ඇත්තේ, ඡන්දයේ රහස්ස්යභාවය රැකගැනීම සහ දේශපාලන බලපෑම් වලින් පල්ලිය ආරක්ෂා කරගැනීම සඳහා බවයි සඳහන් වන්නේ.
එම ඡන්ද විමසීමෙන් අනතුරුව පාප්වරයෙකු තෝරාගත් බවට බාහිර ලෝකය දැනුම්වත් වන්නේ, ඡන්දය ප්‍රකාශ කළ පත්‍රිකා ගිනි තැබීමෙන් පිටවන දුමාරයෙනි.
ඒ අනුව සිස්ටීන් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවුවහොත් කාදිනල්වරුන්ගේ ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගෙන නව පාප්වරයෙකු තේරී පත්වූ බව සංඛේතවත් කෙරේ.
හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව…
ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් ඇති බව වාර්තා…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම…
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ…