නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී ඇති බව වාර්තා වේ.
මෙසේ පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක් වන අතර මෙම පහර කෑ සිසුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ අයෙකු බව ද තොරතුරු වාර්තා වේ.
එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී ඇති බවද සඳහන් වේ.
සිසුන් 20ක පමණ පිරිසක් ඔහුගේ නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය…
හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව…
ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් ඇති බව වාර්තා…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම…
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවල විශ්වසනීයත්වයට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය හොබවන මේජර් ජෙනරාල්…
මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට විවේචන තියෙනවා වගේම ඕනෑම මනුස්සයෙකුගේ සුදු සහ කලු යනුවෙන් පැති දෙකක් තිබෙන…