පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ.
විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවයි.
කෙසේවෙතත් හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යෙදවූවද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත.
පසුගිය සතියේ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණය නියෝග කළේ, එම සැකකරුවන්ව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියැදුරකු සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළ දී අතවර…
අද මධ්‍යම රාත්‍රියේ සිට වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය නියාමක සංගමය ගත්…
ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත්…
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව…
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත…
දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට…