පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම නිසා කාදිනල් හිමි අසතුටෙන්!

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව ඉටුවී නොමැති වීම සහ ඒ සඳහා මූලික වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීම නිසා තමා කළකිරීමෙන් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පසුගිය 12 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 191 වැනි වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැති දේව මෙහෙයේදීයි.

පසුගිය මැතිවරණ සමයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වර්තමාන රජය විසින් දුන් පොරොන්දුව වන පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරට පිළිබඳ වොහාරිකව පවත්වන විමර්ශනවලට මගපෙන්වීමට සහ ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු පත්වාගෙන යෑමට බලතල ඇති විශේෂ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව කණාගාටුවෙන් වුවද ප්‍රකාශ කළයුතු බව උන්වහන්සේ පැවසීය.

ඇතැම් දේශපාලන නායකයන්ට බැළමෙහෙවර කිරීමට ඇති ආශාව මත හැසිරෙන මෙවැනි දෙපාර්තමේන්තු සහ රජයේ උසස් යැයි කියාගන්නා නිලධාරීන් හැසිරෙන ආකාරය හෙළාදකින බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කර ඇත.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, එම මහා ව්‍යවසනය පිළිබඳව කළින් දැන සිටිය ද එය වැළැක්වීමට නිල බලයෙන් වගකීමක් තිබියදී කිසිවක් නොකළ හිටපු ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල උසස් නිලධාරීන් ගැන ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති පරිදි නීතිපතිවරු සහ එම දෙපාර්තමේන්තුව මේ දක්වා කිසිඳු නීත්‍යානුකූල හෝ විනයානුකූල පියවරක් ගෙන නොමැති බව කණගාටුවෙන් සඳහන් කරන බවත්, තමන් ඇතුළු පිරිස පවරූ නඩු කීපයක් තුළින් වින්දිතයන්ට අදාළ පුද්ගලයන්ගෙන් දඩ මුදල් අයකරගැනීමට හැකිවූවා මිස එතෙක් කල් නීතිපති දෙපාර්තමේන්තුව කිසිවක් නොකිරීම ලැජ්ජාසහගත බවයි.

යුක්තිය පසඳලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති ක්‍රියාදාමයන් කිසිවක් මේ දක්වා ක්‍රියාවට නංවා නොමැති බවත් උන්වහන්සේ සඳහන් කර ඇත.

Sasindu Sahan Tharaka

Recent Posts

අස්වැසුමෙන් තිස් පන්ලක්ෂයක මුදලක් වංචා කල නිලධාරිනියකට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!

අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක එළැඹෙන 16 වැනිදා දක්වා…

6 hours ago

පාසල​ක ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක්!

බලංගොඩ රජවක මහ විදුහලේ ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු…

7 hours ago

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරයි!

ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ලෝක ශූරතාව දිනාගැනීමට…

8 hours ago

පාසල් සිසුන්ට සහ දෙමව්පියන්ට දැනුම්දීමක්!

උණ සෙම්ප්‍රතිෂ්‍යාව කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා…

9 hours ago

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම් ඇතුළු වත්කම් සම්බන්ධයෙන් විමර්ශන!

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවට වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ…

10 hours ago

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ ගුවන් යානයේ සිටි නියමුවා අවසන් වරට කී කතාව මෙන්න!

ලොවක් කම්පාකරමින් අහමදාබාද් හිදී කඩාවැටුණු 'එයාර් ඉන්දියා' ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා අනතුර සිදුවීමට මොහොතකට…

10 hours ago