මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් මුදා ගැනීම සඳහා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී ඇත.
ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇත.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරයි.
එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්ව තිබුණි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන්කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර බව වාර්තා වෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියැදුරකු සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළ දී අතවර…
අද මධ්‍යම රාත්‍රියේ සිට වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය නියාමක සංගමය ගත්…
ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත්…
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව…
පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත…
දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට…