කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පොලීසිය පවසන්නේ, එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එම ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබු අතර පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා…
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව…
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව ඇත. පවුලේ…
කොලරාඩෝවේ හි ජීවත් වන හාවුන් වර්ගයක් 'අං' මෙන් වැඩෙන වෛරසයකින් පීඩා විඳින පුවතක් විදෙස් මාධ්‍ය…
ඉන්දියාවේ 79 වන නිදහස් දිනයේදී, රතු කොටුවේ සිට ජාතිය අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පාකිස්තානයට…
මත්ද්‍රව්‍ය උවදුර දැනටමත් මෙරට බරපතළ ගැටළුවක් බවට පත්ව ඇති අවස්ථාවක, වාණිජමය වශයෙන් කංසා වගා කිරීමට…