සීමා නිර්ණයට ජාතික කමිටුවක් – සභාපති ධූරය මහින්දට

217 Views
1 Min Read

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2022 නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදියි. 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පණත යටතේ ජාතික කමිටුව පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (04) රාත්‍රී නිකුත් කෙරුණා. මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, ජයලත් රවි දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ තවලිංගම් හා අයි.ඒ.හමීඩ් යන මහත්ම මහත්මීන් වනවා.

මේ සම්බන්ධව නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,

Share This Article
Leave a comment