සංචාරක වීසා මගින් විදෙස්ගත වීම ගැන අලුත් නීතියක් !

338 Views
1 Min Read

සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා.

අද(19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සඳහන් කළා.

“මේ අය ගිහිං තියෙන්නෙ විසිට් වීසා අරගෙන. විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ අනුමැතිය අරගෙන නෙවෙයි. සංචාරය සඳහා යන විදිහට ගිහිං තියෙන්නේ. ඩුබායිවලට හරි වෙනත් රටකට ගිහිං එතනින් ඕමාන් වලට ක්‍රොස් ඕවර් කරලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම බලන්නෙ නැතුව ාවශ්‍ය පියවර ගන්නවා. මේවන විට විසිට් වීසා වලින් යන එක අත් හිටුවා නවත්තන්න අපි පියවර අරං තියනවා.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Share This Article
Leave a comment